Thursday, January 20, 2011

0 රූපවාහිනියෙන් අන්තර්ජාලය

                                    
මේ වන විට ලෝකයේ අන්තර්ජාලය සීග්‍රයෙන් වර්ධනයවෙමින් පවතී. මේ නිසා පරිගණකය නොමැතිව අන්තර්ජාලයට පිවිසීමට හැකි ක්‍රමයක් සොයාගෙන ඇත. එහි දී නිවසේ භාවිතා  වන  රුපවාහිනිය මේ සදහා  හොද විකල්පයක් බව සිතා SONY සමාගම 'රුපවාහිනිය අන්තර්ජාල බ්‍රවුසරයක් ' බවට හැරවීමට සුදුසු උපකරණයක් හදුන්වාදී තිබේ . මෙය මුල් වරට එළිදැක්වුනේ " ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රදර්ශන  2011 " හිදීය.
මෙය දැනටමත් ඔබ නිවසේ තිබෙන රුපවාහිනී යන්ත්‍ර ය    අන්තර්ජාල බ්‍රවුසරයක් බවට පත් කර ගැනීමේ හැකියාව මෙහි සුවිශේෂත්වයයි . මේ සදහා   රුපවාහිනියේ HDMI port තිබීම ප්‍රමානවත් බව එම සමාගම පවසයි. 
මෙහි දී රැහැන්  රහිත හෝ රැහැන් සහිත ව   රුපවාහිනියට අන්තර්ජාලය  ලබාගත හැක .රුපවාහිනිය තිරයමත 'වර්චුවල් ' යතුරු පුවරුවක් මැවෙයි. පසුව දුරස්තපාලකය  මගින්  හැසිරවීමෙන් අන්තර්ජාලයට පිවිසිය හැක .

0 comments:

Post a Comment